රට තුළ පවතින කොව්ඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් ජනතා විමුක්ත පෙරමුණේ මැයි දින සැමරුම අද (01) මාර්ගගත ක්‍රමයට පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.
ඒ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර, මෙරට ඇතැම් වාමාංශික බලවේග අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අන්තර්ජාලය ඔස්සේ මැයි දින සැමරුම් උත්සව පවත්වමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර මහතා මේ බව කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ මැයි දින සැමරුම් උත්සවය අද මහරගම දී පැවැත්වුයේ අන්තර්ජාලය ඔස්සේය.
මේ අතර සමගි ජන බලවේගය ද අද අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට කම්කරු දිනය සැමරීමට කටයුතු කළේය.
- Derana news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති