හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවති උත්සවයකදීය.
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරුණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
“ජපන් හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කළේ 2014 දී. 2015දී බලයට පත්වූ යහපාලන රජය මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන ගියේ නැහැ. මේ ගොඩනැගිල්ලේ වහලයේ මුල් සැලසුමේ තිබුණේ නෙළුම් මලේ හැඩය. ඒක ශාකා පත්‍රයක හැඩයට වෙනස් කරන්න යහපාලන රජය රුපියල් මිලියන 661ක් වියදම් කළා. යහපාලන රජය පුළුවන් තරම් ණය ගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති