‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (20) සිට සති 4 ක් නෙදර්ලන්තය ලොක්ඩවුන් කෙරේ
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් රටක් ලොක්ඩවුන් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
නෙදර්ලන්ත රජය රට සති 4 ක් ලොක්ඩවුන් කිරීමට තීරණය කළේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව නෙදර්ලන්ත වැසියන්ට එක් රොක් වී, මෙවර නත්තල මෙන්ම නව අවුරුදු උදාව ද සැමරීමට නොහැකි වනු ඇත.
රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව ද නෙදර්ලන්ත පුවත් සේවා වාර්තා කරයි. නෙදර්ලන්තය යුරෝපා රාජ්‍යයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතියට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන බවත්, සෑම දින එකහමාරත් තුනත් අතර කාලයේ දී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවත්ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්