Lanka Plus News

www.lankaplusnews.com

නූතනත්වයට උචිත ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් චීන ජනපති කලාකරුවන් දිරිමත් කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, Tian Hua මහත්මිය ඇතුළු චීනයේ ප්‍රවීණ සිනමා කලාකරුවන් 08 දෙනෙකු වෙත පිළිතුරු ලිපියක් යොමු කරමින් ඔවුන්ට සිය හෘදයාංගම දිරිගැන්වීම් හා අපේක්ෂාවන් ඉදිරිපත් කරයි.

නව ගමනක් උදෙසා, චීනයේ සංස්කෘතිය කෙරෙහි දක්වන ආත්ම විශ්වාසය තහවුරු කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්‍වා දෙයි. ජීවිතයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් මත පදනම්ව වත්මන් යුගයට අනන්‍ය වූ සුවිශේෂීතා හා ජනතා අවශ්‍යතාවන් පිළිබිඹු කෙරෙන ගුණාත්මක හා ජනප්‍රිය කෘතීන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හෙතෙම සිය ලිපියෙන් කලාකරුවන් දිරිමත් කළේය.

මෑතකදී, Tian Hua, Wang Xingang සහ Zhang Liang ඇතුළු සිනමා ශිල්පීන් 08 දෙනෙක් ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කරමින්, දශක ගණනාවක චිත්‍රපට පිළිබඳ සිය අත්දැකීම් වාර්තා කළහ. චිත්‍රපට කර්මාන්තයේ දියුණුව සහ බලවත් සංස්කෘතික රටක් ගොඩනැගීම සඳහා දායක වීමට ඇති තම අධිෂ්ඨානය ඔවුන් එම ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com