මන්නාරම ඉලුප්පිකඩුවායි ප්‍රදේශයේදී වියළි කහ තොගයක් සමඟ පුද්ගලයින් 05 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැබ් රථයක වී ප්‍රවාහනය කරන මුවාවෙන් වී ගෝනි අතර එම වියළි කහ අසුරා රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
වී අතර සඟවා තිබී කහ කිලෝ ග්‍රෑම් 1,989 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස අදාළ කහ තොඟය මෙරටට රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (14) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට