ඊයේ දින ගිනි ගැනීමට ලක්වූ නැවෙන් තෙල් කාන්දුවක් සිදු වීමට හැකියාවක් නොමැති බවත් යම් හෙයකින් කාන්දුවක් සිදු වුවහොත් එය පැතිරීම පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු බව රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා සදහන් කරයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් රියර් අද්මිරාල්වරයා මේ බව පැවසීය.
තෙල් කාන්දුවීමක් සිදු වුවහොත් නැව වටේ ඇති බැරියරයකට සමාන බූම් නමැති උපකරණය යොදා එය පැතිරීම පාලනය කළ හැකි වන අතර එමගින් කාන්දු වන තෙල් ප්‍රමාණය එම ස්ථානයට ම කොටු කර තබා ගත හැකිවනු ඇති බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.
පසුව විශේෂ ගුවන් යානයක් යොදා ගනිමින් රසායනිකයක් දමා කාන්දු වූ තෙල් විනාශ කර දමන බව රියර් අද්මිරාල්වරයා පැවසී ය.
ඒ සඳහා වන ඉන්දීය වෙරළාරක්ෂ හමුදාව සතු විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපොළට පමිණීමට නියමිත බව නන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති