26 – 9.5කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වු අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය මැයි සහ ජුනි මාස දෙක සඳහා වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස් තුළ රැදවීමේ අවශ්‍යතාවයක් පැවති ආයතනවල සේවකයින්ට ඔවුන්ට අවසානයට ගෙවන ලද වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500 ක් හෝ යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට තීරණය කෙරිණ.
ඒ සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන රැකි රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදීයි.
එම එකඟතාව ලබන සැප්තැම්බර් මාසය දක්වා දිර්ඝ කර වැටුප් ගෙවීමට වැටුප් ගෙවීමට එකඟතාව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්