අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර ගත වූ දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 403දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 62දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන්, 35ක් මාතලේ ප්‍රදේශයෙන් සහ කුලියාපිටියෙන් 40ක් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 45,935 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරිමට කටයුතු කරන බව ඔහු පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති