නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි. නිකවැරටියෙන් 80ක්, මහනුවරින් 75ක් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී සිදු කෙරුණු වාහන පරීක්ෂාවන්වලදී වාහන 139ක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීමේදී ආපසු හරවා යවා තිබේ.
නිරෝධායන නීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති