නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයින් 844 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව 2020 ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති සමස්තය 41,518ක් වෙයි.
තලවකැලේ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ළිඳුල තලවකැලේ නගරසභාවේ නගරාධිපතිවරයා ද සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර, ගිරිබාව ප්‍රදේශයේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සමුහයක් ලෙස රක්ෂිතයක් හෙළිකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්