කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන කැමරා යොදා ගන්නා බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ, විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව එම වැඩසටහන දියත් කර ඇති බවයි.
එම නිසා කණ්ඩායම් ලෙස එකතු නොවී තමන්ගේ නිවෙස්වලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනවා.
ඉදිරි දින කිහිපය තීරණාත්මක බැවින් කොවිඩ් -19 වසංගතය පාලනය කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති