පසුගිය වසරේ දී මෝටර් රථ අලෙවිය සියයට 10.1 කින් ඉහළ ගිය අතර, මෝටර් රථ මිලියන 10.5 ක් අලෙවි කළ බව ජපානයේ ටොයෝටා සමාගම පවසනවා.
ඒ අනුව නැවතත් ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්වන ටොයෝටා සමාගම සහ ආසන්නතම ප්‍රතිවාදියා වූ ජර්මනියේ වොක්ස්වාගන් සමාගම අතර පරතරය ද පුළුල් වී ඇති බවටයි වාර්තා වන්නේ.
වොක්ස්වාගන් සමාගමේ මෝටර් රථ අලෙවිය පසුගිය වසරේදී ඉහළ ගොස් ඇත්තේ සියයට 5කින් වන අතර, එමගින් අලෙවි කළ මෝටර් රථ සංඛ්‍යාව මිලියන 8.9 ක්.
කෙසේ නමුත් ලොව සියලුම මෝටර් රථ නිෂ්පාදකයින් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සිය සැපයුම් දාමයේ ගැටලුවලට මුහුණදුන්නා.
මේ නිසා ඒවායේ නිෂ්පාදනය පහත වැටුණ ද දේශීය ඉල්ලුම සහ ආසියාතික වෙළඳපොල හේතුවෙන් ජපාන ටොයෝටා සමාගම ඉහළ අලෙවියක් පවත්වා ගැනීමට සමත් වී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති