ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂේත්රයේ නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා ප්රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (07) අමාත්‍ය නිමල් සිරිපාල මහතා හමු වී තිබේ.
මෙම සාකච්ඡාවේදී ඉන්දියානු ආයෝජකයින් කරුණු දක්වමින් කියා සිටියේ කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමල යන වරායන්හි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සිය කණ්ඩායම ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවන් සහ සුඛෝපභෝගී මගී නෞකා සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් ඒ සඳහා කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කටයුතු කර ඇති බවයි. ඉන්දියානු රජයේ අවසරය මත මෙම ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කැමති ආයෝජකයින්ට අවස්ථාවන් ලබා දීමට ද හැකියාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. මෙම සාකච්ඡාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති