දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට තීරණය කර ඇත.
එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.
නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට මේ වන විටත් සංචාරක කලාප ලෙස ගැසට් කර ඇත.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හය දහසකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.
ලබන මාසය පමණ වනවිට එම ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති