2022 නව වසරේ උතුරු කොරියාවේ ජාතික ප්‍රමුඛත්වය හිමිව ඇත්තේ ආර්ථිකය ගොඩනැගීමට බව එරට නායක කිම් ජොන් උන් සඳහන් කරනවා.
තම පදවි ප්‍රාප්තියට දස වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. උතුරු කොරියා වැසියන් මුහුණදී සිටින ආහාර හිගයට කඩිනම් විසඳුම් ලබාදීම තමා කටයුතු කරන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා මූලිකත්වය ලබාදීම මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම තම මුඛ්‍ය පරමාර්ථයන් බවයි උතුරු කොරියා නායකයා මෙහිදී පෙන්වා දුන්නේ.
කොරෝනා වසංගතයත් සමඟ දැඩි නිරෝධායන නීති පැනවීම හේතුවෙන් උතුරු කොරියාව ආහාර හිඟයකට මුහුණදී සිටිනවා. එමෙන්ම ඇදුම් හා නිවාස ගැටලුව උග්‍රඅතට හැරී ඇති බවද වාර්තා වනවා. න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ඉතා ඉහළ වටිනාකමක් දී ඇති උතුරු කොරියාව මෙම වසරේ දී ආර්ථිකය ගොඩනැගීමට ප්‍රමුඛතාව ලබාදීම විශ්මයජනක කරුණක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ