ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවන බවට තොරතුරු ලැබී තිබේ.
වාර්තා වන අන්දමට ධම්මික පෙරේරා සිය සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් භාර ගැනීමට ඔහු සිය කැමැත්ත ද එවා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ ධම්මික පෙරේරා මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම වෙත යවා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ධම්මික පෙරේරා මහතාට හිමිවනු ඇති බව ඔහු පැවසීය.
ධම්මික පෙරේරා මහතා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ දෙක පිහිටුවීමේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති