ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.
එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේය.
මෙමගින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30 කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවත්, එම කාලය තුල නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.07ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවත් ඇය වැඩිදුරටත් සදහන් කළේ ය.
එම ට්විටර් පණිවුඩ පහතින්,

More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට