විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදුකිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.
ඒ සම්බන්ධ චක්‍රලේඛය අද දින නිකුත් කෙරිණි.
එහි දැක්වෙන්නේ මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු බවය.
මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු