නවගමුව වෑක්වත්ත පාරේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 78 දෙනකුගෙන් 28 දෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඔවුන්ගෙන් 17 දෙනකු ඉන්දීය ජාතිකයන් බවත් වාර්තා වේ.
කර්මාන්ත ශාලාව විසින් පෞද්ගලික සෞඛ්‍ය අංශ මගින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී සේවකයන් කීපදෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගැනීමෙන් පසු ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් කර පසුව කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයේදී මෙම රෝගීන් 28 දෙනා සොයාගෙන තිබේ.
එම තත්ත්වය යටතේ කර්මාන්ත ශාලාව තුළ නිරෝධායනයට ලක්කර සිටි සේවකයන් අතරින් කොවිඞ් රෝගීන් බවට හඳුනාගත් පිරිස ඊයේ (01) කොස්ගම රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නවගමුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරයා පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්