දින 04කට වැඩි කාලයක් අඩි 104ක් පමණ ගැඹුරැති නල ළිඳක සිරවී සිටි මොරොක්කෝවේ රයන් නැමැති පස් හැවිරිදි දරුවා මියගොස් තිබේ.
මොරොක්කෝවේ උතුරු දිග දුෂ්කර ගම්මානයක පිහිටි නළ ළිඳකට එම දරුවා පසුගිය අඟහරුවාදා සවස ඇද වැටී තිබුණී.
ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදුකළේය.
ඒ සඳහා දින කිහිපයක් ගත වූ අතර අද (05) අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.
දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද එයට යොමු විය
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති