නයිජීරියාවේ ඊශානදිග ප්‍රදේශයේ ගොවීන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් 110 දෙනෙක් මියගොස් තිබේ.
ප්‍රහාරය සිදුකර ඇත්තේ,යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක්. නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ කොෂෝබේ සහ ජෙරේ යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී තිබේ.
මියගිය පිරිස මුලින් 43ක් ලෙස වාර්තා වූ නමුත්, මේ වන විට එම පිරිස තවදුරටත් ඉහළ ගොස් ඇතැයි, විදෙස් වාර්තාවල සදහන්.
ප්‍රහාරයේ වගකීම කිසිඳු සංවිධානයක් බාරගෙන නැහැ. කෙසේ වුවද, බොකො හරාම් සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන්, ඉකුත් වසර කිහිපය පුරා නයිජීරියාව ඇතුළු අප්‍රිකානු කලාපීය රටවල ජනතාව දැඩි ලෙස පීඩ විඳිනවා.
මේ වන විට නයිජීරියාවේ පමණක් බොකො හරාම් සටන්කාමීන්ගේ තර්ජන හේතුවෙන් මිලියන දෙකක පමණ පිරිසක් අවතැන්වී සිටින අතර, සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඉකුත් දශකය තුළ මියගොස් ඇති පිරිස තිස් දහසකට අධිකයි.
More Stories
ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් පැනවූ වාරණය තමන්ගේම අනාගතය අර්බුදයකට ඇද දැමීමක්
ජාත්‍යන්තර සමථ මණ්ඩලය චීන හොංකොං විශේ ෂ පරිපාලන කලාපයේ පිහිටුවීමට එකඟතාව
චීන විදේශ අමාත්‍යවරයා සහ සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්