නෙළුව ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ මවක් සමග දරුවන් සිව්දෙනෙකු ඇඹලෙගෙදර මාර්ගය හරහා පිටාර ගලමින් තිබූ ඉන්ගල් දොළ පාරෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී එක් දරුවෙකු දියේ ගසාගෙන ගොස් ඇති බවය.
පසුව පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව සිදුකළ සෝදිසියේදී මියගිය දරුවාගේ මෘත ශරීරය සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 08ක් වයසැති ඇඹලේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති