ඊයේ (26) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙය මීට සති දෙකකට පෙර පැවති තත්වය හා සැසඳීමේදී ඉතා විශාල වර්ධනයක් බව පැහැදිලිවම පෙනේ. මීට සති දෙකකට පෙර දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පැවතියේ 500 – 600 අතර මට්ටමක ය.
ඒ අනුව, නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන හෙයින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ වනවිට කොළඹ ජාතික රෝහලේ කොවිඩ් වාට්ටු රෝගීන්ගෙන් පිරී ඇති අතර ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) ද කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් පවතී. එමෙන්ම දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති