මීට මාස 8 කට පමණ පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා යළි හමුව තිබෙනවා.
කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි යුවලක් විසින් ගිරවා භාර දී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මාස කිහිපයකට පෙර නිල් මාල ගිරවා තම නිවසට පැමිණි බවත් මේ දක්වා කිසිදු හිමිරුවෙකු සත්වයා සොයා නොපැමිණි බවත් එම යුවල සඳහන් කර තිබුණා.
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙහිවල සත්වෝද්‍යානයේ කූඩුවකින් මිදී පිටව ගොස් තිබූ නිල් මැකෝ වර්ගයේ ගිරවෙකුද රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු