අද (16) දිනයේ සිට යළි විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව, අද සහ හෙට (17) යන දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 02යි මිනිතුත් 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
A, B, C, D, E, F, G, H, I, G, K, L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ලය සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති