“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය,” යන චෝදනාවට තිත තැබිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
“කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකියි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමේ දීය.
එය අද (21) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වුණි.
“ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්ය භාරය නිසිලෙස ඉටුනොවීම පිළිබඳව ද වාර්තා වී ඇත”.
රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසූ ජනාධිපතිවරයා එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත්කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව කියා සිටියේය.
විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය අධීක්ෂණයකර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
“ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි. ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස්නොවී වැඩ කරන්න,” යැයි ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසීය.
රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනය බව පැවසූ ජනාධිපතිවරයා එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව පෙන්වා දෙනු ලැබිණ.
- Derana
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති