නුවර සිට ගාල්ල දක්වා නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බස් ගාස්තු ඉහළ යාමත් සමග දුම්රිය මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙම පියවර ගෙන ඇති අතර මීට අමතරව අනෙකුත් ගමනාන්ත කරා ධාවනය වන අමතර දුම්රිය ගමන්වාර සහ දුම්රිය මැදිරි සංඛ්‍යාව කඩිනමින් වැඩි කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
මේ සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ද හෙතෙම පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් ලබන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති