හෙට (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
හෙට පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න ,
“හෙට සඳුදා දිනයේ සතියේ දිනයක් ලෙස ධාවනය කිරීමට අදාළ නියමිත දුම්රියන් මේවන විට ධාවනය කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. මම විශේෂයෙන් ඉල්ලන්න කැමතියි අධික මගී ජනතාවක් ඊයේ හවස්වරුවේ අද උදෙත් පැමිණුනා. ඒ සියල්ලට අතිරේක දුම්රිය පවා යොදවලා දුම්රිය මගීන්ට සහයෝගය ලබාදුන්නා. ඒ අය වෙනුවෙන් හෙට දිනයේදී කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව හෙට දිනයේ විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ උදෙස් පරිදි කන්කසන්තුරයේ සිට කිළිනොච්චිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.”
මේ අතර හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය ගාස්තු සංශෝධනය කල් දමා තිබේ.
දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමයක් නොමැතිව කල් දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති