ලොව පුරා හින්දු බැතිමතුන් අද (04) දීපාවලි දිනය සමරනු ලබනවා. නව සඳ උදාවීමත් සමඟ ආරම්භ වන දීපවාලි දිනය අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙස සැලකෙනවා.
අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් බැහැර වී සිත් පහන් කරවන ප්‍රඥා ලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංඛේතවත් කරන බව දීපවාලි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
දීපවාලී දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසන්නේ සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත්වීමට සියලුදෙනාට කාලය උදාවේවා යි යන්නයි.
සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අනෝන්‍ය අවබෝධයක් ඇති කිරීමෙහිලා මේ අපූරූ උත්සවය ඉමහත් පිටිවහලක් වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති