තවත් කොරෝනා රෝගීන් 69ක් වාර්තා වෙයි. ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන්…….
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වෙයි.
මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්