ඉන්දියාවේ දිල්ලි නගරයෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 50%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ දිල්ලි නගරයෙන් ඊයේ දිනයේදී හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 3,009 ක්. පසුගිය මැයි මස 21 වනදායින් පසු හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙයයි.
එමෙන්ම PCR පරීක්ෂණ සඳහා යොමුවූ පුද්ගලයින් අතරින් ආසාදිතයින් බවට තහවුරුවීමේ සම්භාවිතාව ද 4.76%කින් ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා රැල්ලක් පැමිණිමේ පෙරනිමිති මෙමගින් පෙන්නුම්කරන බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.
නව වසරේ සැමරුම් උත්සවවලට සහභාගි වූ පුද්ගලයින් අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට බලපා තිබෙනවා.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්