ඉන්දියාවේ දිල්ලි නගරයේ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය හෙට සිට ක්‍රියාත්මක කිරීමට බලාධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දිනපතා රාත්‍රී 11 සිට පසුදින අළුයම දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහලයෑමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි.
සිනමාශාලා වසා දැමිය යුතු බවද දිල්ලි ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබෙනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ