දියවන්නාවේ ජලය සම්බන්ධව තමන්ට වහාම පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දන්වයි.
පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට (10) දින ලිපියක් යවමින් උපදෙස් දුන්නේය.
විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි මේ සඳහා හේතු පාදක වී තිබෙන්නේ මිනිස් මළඅපද්‍රව්‍ය බැහැර කිරීමක්ද යන්න මෙන්ම කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවද මින් පෙර මෙවැනි අන්දමින් දියවන්නාවේ ජලය අවපැහැ ගැන්වීමක් සිදු වී නොමැති නිසා මෙම කාරණය සම්බන්ධව තමන් විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම දැනට දින කිහිපයක සිට පවතින මෙම ජලය අවර්ණවීම දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙන බැවින් ජලය දූෂණය වීමක් සිදු වී ඇත්ද යන්න මෙන්ම ඉන් මෙහි වෙසෙන ජලජ සතුන්ට කිසියම් හානිකර තත්ත්වයක් මතුවිය හැකි ද යන්නත් සොයා බලන බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවද මෙම වාර්තාව කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විසින් (10) දින පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දුන්නේය.
news.lk
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති