රුක්අත්තනගොඩ, නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය දියණියට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (17) රාත්‍රී 9ට පමණ ඝාතනය සිදුව ඇතැයි වාර්තා වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකි.
පියා නිතර බීමතින් සිටින පුද්ගලයෙකු බවත් පහරදීම පවුල් ආරවුලක් මත සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පියා වන 63 හැවිරිදි පුද්ගලයෙක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති