ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබේ.
මෙම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් හට නව ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781කි.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marnus Labuschagne ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ රැඳී සිටී.
කෙසේ වෙතත් තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ සිය 100 වන ටෙස්ට් තරග සීමාව පසුකල ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ස්ථානය අහිමි වීමය.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු ස්ථාන 4ක් පහළට ගොස් නතරවී ඇත්තේ 9 වන ස්ථානයේයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති