දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ (24) ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 412,111 ක් වනවා. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 306,622 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 35,720 කට ලබාදී තිබෙනවා.
මීට අමතරව මොඩර්නා එන්නත පුද්ගලයින් 69,830 කට ලබාදී ඇති අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 39දෙනෙකුට ලබාදී ඇති බවයි මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති