මාතර දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබු දුම්රියට ගොඩ වන අවස්ථාවේ දී ඉන් බීමට ඇද වැටී තරුණයෙකු ඊයේ (17) රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඊයේ (17) රාත්‍රියේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසුවූ දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඉන් බිමට ඇද වැටුණු තරුණයා දුම්රියට යට වී ඇත.
ඔහු බේරා ගැනීම සඳහා මාතර රතු කුරුස කාර්යාලයේ නිලධාරියෙකු සහ අසළ සිටි පිරිස එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුව ද පැයකට ආසන්න මෙහෙයුමකදී මෙම තරුණයා එළියට ගත්ත ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් වී සිට ඇත.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු