Lanka Plus News

www.lankaplusnews.com

දැනට තෙල් තියෙන්නේ මෙච්චරයි

මෙරට මේ වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශයක් සිදු කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව දැනට රට තුළ ඩීසල් තොග මෙට්‍රික් ටොන් 17,077ක් ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක් ද පවතින බව එහි සඳහන් වේ.

පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 37,391ක් ද පෙට්‍රල් 95 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 6,142ක් සහ ‘ජෙට් ඒ 1’ මෙට්‍රික් ටොන් 2,437කි.

හෙට (29) දිනයේ දී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com