අධිවේගයට බිලි වීමට ගිය දාරලුවේ කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදෑසන සසුන්ගත කෙරිණ.
ඒ ජාතික භික්ෂු පෙරමුණේ මැදිහත්වීමෙනි.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් එය විනාශ නොවී ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගේ කඩිනම් මැදිහත්වීම මත මෙම ගස විනාශ නොකර බේරා ගැනීමට හැකි විය.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට දඹුල්ල දක්වා වූ කොටස ඉදිකිරීමේදී හමුවූ දුර්ලභ කෲඩියා සිලනිකා ශාකය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරා තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්