අගෝස්තු 31 දාට පෙර වයස අවුරුදු තිහට ඉහළ සියලුම දෙනාට එන්නත ලබා දීමෙන් පසු වයස අවුරුදු දහඅටට වැඩි අයටත් එන්නත ලබාදීමට කොවිඩ් කමිටුව තීරණය කර ඇත.
මෙරට ජනගහනය මිලියන 22.9න් අවුරුදු තිහට ඉහළ පිරිස සිටින්නේ මිලියන 11.5 කි.
මේ සතිය මුල වන විට එන්නත් මාත්‍රා මිලියන 8.56 ක් පැමිණ ඇති බවත්, ජූලි මස අවසන් වෙද්දී අවදානම වැඩි පළාත වූ බස්නාහිර පළාතේ වයස අවුරුදු තිහට වැඩි සියලුම දෙනාට එන්නත් ලබාදිය හැකි බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. ජූලි මස අවසන් සතිය වන විට මෙරටට එන්නත් මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් ගෙන ඒමට සැලසුම් කර ඇත.
දිනකට එන්නත් මාත්‍රා ලක්ෂ හතර ඉක්මවමින් මධ්‍යස්ථාන තුන්සීයකදී එන්නත් ලබාදීම මේ වන විට අරඹා ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති