දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු හා පලතුරු මැල්සිරිපුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට ඉඩ ලබාදී ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ජේ.එම්.ඒ ඩග්ලස් මහතා සඳහන් කරයි.
බස්නාහිර පළාතට එළවළු සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට මෙම තීරණය ගත බව ජේ.එම්.ඒ ඩග්ලස් මහතා සඳහන් කරයි.
මැල්සිරිපුරට ගොවීන් විසින් රැගෙන එන එළවළු සහ පලතුරු ව්‍යාපාරිකයින් විසින් මිල දී ගෙන ලොරි රථවලින් කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇති බව ඒ මහතා සඳහන් කරයි.
ඒ වගේම තඹුත්තේගම එළවළු සහ පලතුරු වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවත් මොනම ආකාරයෙන්වත් එළවළුවල මිල ඉහළ යෑම සිදුනොවන ආකාරයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති