දකුණු සහ අග්නිදිග ආසියානු මාධ්‍ය ජාලය ඊයේ(31) බෙයිජිංහි දී ආරම්භ කෙරිණ.
දකුණු හා අග්නිදිග ආසියාව සඳහා යුනාන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය සහ China Daily හි ආසියානු ශාන්තිකර ශාඛාව මෙය ක්‍රියාවට නංවා තිබේ. නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ශක්තිය උත්තේජනය කිරීම, කලාපයේ මාධ්‍ය ආයතන අතර සහයෝගීතාව ගැඹුරු කිරීම සහ කලාපීය සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම අරමුණු කරගෙන මෙය සංවිධාන කර ඇත.
ජාලය තුළ ඇති ප්‍රධාන මාධ්‍ය ආයතන, මාධ්‍ය සංගම් සහ ප්රවෘත්ති නියෝජිතායතන අතර සම්පත් බෙදාගැනීම, තාක්ෂණික නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාම මෙන්ම පිරිස් සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්රවල සහයෝගීතාව මේ ඔස්සේ සිදු කිරීමට අපේක්ෂිතය.
ජාලයේ ව්‍යාපෘති 21ක පළමු කණ්ඩායමද මෙහිදී එළිදැක්විණ.
More Stories
ත්‍රෛපාර්ශ්වික සමුළු සහයෝගිතා යාන්ත්‍රණය කලාපීය ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන නවෝත්පාදනයක් වන්නේ කෙසේ ද?
චීන-පැසිෆික් දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වන රැස්වීම ෂියාමෙන් නගරයේ දී
පොදු ඉරණමක් සහිත චීන-පැසිෆික් ප්‍රජාවක් වෙනුවෙන් චීනයේ කැපවීම යළි අවධාරණය කෙරේ