දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට කලාපයෙන් පිටත රටවල් මැදිහත් වීම පවතින තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. දකුණු චීන මුහුදු ප්‍රදේශයේ තෙල් හා ගෑස් සම්පත් සංවර්ධනය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
දකුණු චීන මුහුදේ ප්රශ්නය චීනය හා ඇතැම් ආසියාන් රටවල් අතර පවතින ප්රශ්නයකි. අදාළ ප්රශ්නය හා සෘජුවම සම්බන්ධ රටවල් සමග සාකච්ඡා මගින් නිසි ආකාරයෙන් එය විසඳා ගැනීමට චීනය කටයුතු කරන බව හෙතෙම පැවසීය.
මතභේදයන්ට සම්බන්ධ රටවල් දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සම්පත් ගවේෂණය කිරීමේදී චීනයේ ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතිවාසිකම්වලට හානි සිදු නොකළ යුතුය. එමෙන්ම එම රටවල් කලාපයෙන් පිටත පාර්ශ්වයන් මෙම කලාපීය ප්‍රශ්නයට සම්බන්ධ කර නොගත යුතු බව ද වං වෙන්බින් මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ