පිලිපීන නෞකාවක් අනතුරුදායක ආකාරයෙන්, විධිමත් ව යාත්‍රා කරමින් සිටින චීන නෞකාවක හිතාමතාම ගැටී තිබේ. මෙම සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව චීන වෙරළාරක්ෂක බලකාය අවධාරණය කරයි.
පිලිපීනයේ ප්‍රවාහන ද්‍රව්‍ය සැපයුම් නෞකාවක් අද(17) නීතිවිරෝධීව දකුණු චීන මුහුදේ Ren’ai ගල්පර ආශ්රිත ප්‍රදේශයට ඇතුළු වී ඇත. චීන වෙරළාක්ෂක බලකාය නීත්‍යනුකූලව එම නෞකාව සම්බන්ධයෙන් කඩිනම් පාලන පියවර ගෙන තිබේ.
අද උදෑසන 5.59ට, පිලිපීනයේ අදාළ නෞකාව චීනයේ අනතුරු ඇඟවීම් නොතකා “ගැටුම් වැළැක්වීමේ ජාත්‍යන්තර සමුද්‍ර රෙගුලාසීන්ට” ද පටහැනිව අවිධිමත් සහ අනතුරුදායක ආකාරයෙන්, යාත්‍රා කරමින් සිටි චීන නෞකාවක් වෙත ළඟා වී ගැටී තිබේ.එහෙයින් මෙම සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය භාර ගත යුතු බව චීනය අවධාරණය කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්