සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ.
තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.
පිතිකරුවන් 05 දෙනෙකු, පන්දු යවන්නන් තිදෙනෙකු සහ තුන්ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු අද තරඟය සඳහා කණ්ඩායමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස ටිම්බා බවුමා කටයුතු කරනු ලබයි.
එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි