Lanka Plus News

www.lankaplusnews.com

දකුණු අප්‍රිකානු සංචාරයට නවකයෙක්?

COVID-19 බලපෑම හේතුවෙන් දෙවන වරටත් තාවකාලිකව කල් දැමූ ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු නොවැම්බර් 13 වන දින ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි.

අභ්‍යන්තර පුහුණු වැඩසටහන නොවැම්බර් 13 සිට 22 දක්වා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණදි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයකට සීමා කිරීමට නියමිතය. මෙම විශේෂ පුහුණු වැඩසටහන දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන ටෙස්ට් තරග දෙක සඳහා සූදානම් කර ඇත.

කල් දැමූ බංග්ලාදේශයට එරෙහි තරගාවලිය සඳහා නම් කරන ලද 23 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් දුවිදු තිලකරත්න, ලහිරු උදාර, ලක්ෂන් සඳකැන් සහ කමින්දු මෙන්ඩිස් යන ක්‍රීඩකයින් ඉවත් කර තිබේ.

 ඔවුන් වෙනුවට නව පුහුණු සංචිතයට පිළිවෙලින් දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ 20 හැවිරිදි ආධුනික වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක යන අය කර තිබේ.

වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරු දකුණු අප්‍රිකාවෙ පැවතීම සැලකිල්ලට ගනිමින් සංචිතය සදහා වේග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති අතර දඟ පන්දු යවන්නන් අඩු කර ඇත.

සංචිතය: දිමුත් කරුණරත්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල , මිනෝද් භානුක, ලහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා,ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ඩිල්ශාන් මධුසංඛ ,ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක.

-CEYLON TODAY

WP Twitter Auto Publish Powered By : XYZScripts.com