දක්ෂිණ ධ්‍රැවයේ චීන ‘චින්ලිං’ මධ්‍යස්ථානය භාවිතයට ගැනීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කරයි.
ධ්රැව කලාපයන්හි චීන මධ්‍යස්ථානවල සේවකයින්ට වසන්ත උත්සවයේ සුබ පැතුම් පිරිනමන බව ද අද(7) ෂී ජින්පිං මහතා යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
රටේ ධ්රැව නිරීක්ෂණ හා පර්යේෂණ ව්‍යාපාරය ආරම්භ වී මේ වන විට දශක හතරක් ගත විය. එම කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ පරම්පරාවල සේවකයින්ගේ ස්ථිරභාවය, එඩිතරබව හා කැපවීම නිසා, එම ව්‍යාපාරය ‘ශුන්‍ය පදනමේ සිට’ ක්‍රමයෙන් බලවත් වී සරු ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ බව ෂී ජින්පිං මහතාගේ පණිවිඩයේ දැක්වේ.
දක්ෂිණ ධ්‍රැවයේ චීන ‘චින්ලිං’ මධ්‍යස්ථානය චීනයේ හා විවිධ රටවල විද්‍යාත්මක සේවකයින්ට ස්වභාව ධර්මය ගවේෂණය කිරීමටත් විද්‍යාත්මක ජයග්‍රහණ දිනා ගැනීමටත් මනා සහතිකයක් සලසා දෙනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
මානවයින්ට සුබසෙත ලබා දෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීම සඳහා, ධ්රැවයන්හි චීන සේවකයින් ජාත්‍යන්තර ප්‍රජාව සමග අඛණ්ඩව ධ්රැව කලාප මනා ලෙස අවබෝධ කරගනිමින් එය සුරකිමින් භාවිත කිරීමෙන් උද්යෝගිවත්ව ගවේෂණාත්මකව ඉදිරියට යා හැකි යැයි බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්