ඉතිරි එන්නත් තොග ලැබෙන තුරු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ජනතාවට ලබාදීම අත්හිටුවා ඇති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය.
මෙරටට ලැබුණු කොවිෂීල්ඩ්ස් එන්නත් දොළොස් ලක්ෂ හැටහතර දහසෙන් පසුගිය දහවැනිදා වන විට එන්නත් නව ලක්ෂ විසිපන්දහස් දෙසිය හතළිස් දෙකක් (925242) මෙරට ජනතාවට ලබාදී ඇත.
කොවිෂීල්ඩ්ස් එන්නත් තවත් තුන්ලක්ෂ තිස්අටදහස් හත්සිය පනස් අටක් (3,38758) ඉතිරිව ඇති අතර එය මෙරට එන්නත ලබාගත් සෞඛ්‍ය අංශයේ සේවකයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය.
එසේම දෙවැනි මාත්‍රාව අප්‍රේල් මස 23 වැනිදායින් පසු ලබාදීම ආරම්භ කරන බවද ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති