මලවිවරයෙකු සූදානම් කළ බිලි පූජාවක් ගැන අනාවරණයක්.
ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගෙන තිබියදී හජ් උත්සවය වෙනුවෙන් මස් කිරීමට සූදානම් කර තිබූ ගවයන් 350ක් මඩකලපුව, නාවල්ලඩිහිදී යුද හමුදාව හා පොලිසිය එක්ව ඊයේ (21 වැනිදා) අලුයම මුදාගෙන ඇත.
මෙම ගවයන් විවිධ ප්‍රදේශවලින් රැගෙනවිත් ගාල්කර ඊයේ (21) දින ආගමික ස්ථානවලදී ඝාතනය කිරීමට වූ සූදානමක් සැලවී යුද හමුදාව පොලිසිය රැගෙන ගොස් එය නවත්වා ඇතත් රාත්‍රිය වන විට ගවයන් මුදා හැරීමට සිදු වී ඇත.
කෙසේ වෙතත් අද (22දා) දිනයේ ඔට්ටමාවඩි ගව ඝාතකාගාරයකදී මෙම ගවයන් 350 දෙනාම බිලි පූජාවක් සේ එකවර ඝාතනය කර මස් නිවාස වෙත බෙදාහැරීමට මවුලවිවරයකු සූදානමින් සිටින බව අනාවරණය විය.
මේ සඳහා තුර්කියෙන් රුපියල් කෝටි තුනක ප්‍රතිපාදන සපයා ඇති බවත් හෙළිවී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති