සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අද තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී වන අතර තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.
අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඊයේ (06) සඳහන් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගන්නේ වසර 8කට පසුවයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි